Sunday, October 9, 2011

බලන්ටකෝ ඉතින් උනන්දුව

ඔන්න ඉතින් ඊයේ සවස එයාලගේ සමිතිය තිබ්බා... වැඩේ කියන්නේ ඊයේ ඒ වෙලාවෙදිම චිත්‍ර 83ක් ලැබුනා මගේ අතට...

බලන්ටකෝ ඉතින් උනන්දුව.. තැග්ගක් නොදී ඉන්ට මට ගොඩාක් ලෝබයි.. ඒත් අපේ සමිතිය ඉතින් මහා ලොකු එකක් නොවන නිසා ඒවා අමාරුයි.. ඒත් උත්සාහ කරන්න ඕනා ධානපතියන්ගේ උදව් ගන්න.. බලමුකෝ...

මම සිංදු දෙක තුනක් ප්‍රින්ට් කරගෙන ගිහින් එයාලට කියලා කියෙව්වා.. නරක නැ.. හොඳට කියනවා..

තව ඉද්රිපත් කිරීමටත් එයාලවම පුරුදු කරන්න ලොකු ආසාවක් තිබ්බා.. ලියාගෙන ගිය පේළි ටික ඒ පුංචි හඬවල් වලින් ඇහෙද්දි හැබෑම ලස්සනයි.. ආසයි.. ආඩම්බරයි...

අද මම ඉක්මනින් ගෙදර යන්වා.. එයාලට අපේ ගෙදරට එන්න කීවා හවස.. හොඳට පුරුදු කරවගන්න ඕනා..

ඉතින් ඉතිරි විස්තර පසුවට..

1 comment:

සිහින said...

දයාබර නංගී,මල්ලී.. ඔයාලගේ චිත්‍ර තරගෙට,ත්‍යාග ප්‍රධානෝත්සවය‍ට සිහින අයියාගෙන් උණුසුම් සුභ පැතුම් !!