මා ඔවුන් සමඟ පැවසූයේ “පුතේ ඔයාලගේ නිර්මාණ වලට කවුරුත් තෑගි දෙන එකක් නෑ... ලස්සනයි කියල කවුරුත් කියන එකක් නෑ... අපි ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ හැකියාවන් වර්ධනය කර ගමු“ කියායි. අනේ ඒත් මම ඉල්ලා සිටින්නේ ඒ පුංචි එවුන්ගේ හැකියාවන් ගැන කුමන හෝ අදහසක් දක්වන ලෙසයි.

එෂානි හර්ෂනී දුව
5 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය

අෂානි නයනදී ගමලත් දුව
අවුරුදු 5
සුමඟ පෙර පාසල, හංවැල්ල

ජෙසිතා ගයානි දුව
5 ශ්‍රේණිය
වැලිකන්න රෝමානු කතෝලික කණ්ෂ්ඨ විද්‍යාලය

ටිෂානි සචින්තා ගමලත් දුව
5 ශ්‍රේණිය
පහත්ගම රෝමානු කතෝලික කණිෂ්ඨ විද්‍යාලය

මලිතිකා සඳරුවනි දුව
5 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය
21 comments:
හැබෑවටම ලස්සන නිර්මාණ ටිකක්.
අපි පුංචිකාලේ අපි කරපු දෙයක් ප්‍රචාරය කර ගන්න මොන තරම් අහිංසක පැතුමක් හිතේ තිබුනද? ඒත් ඉතිං ඉරිදා ආයුබෝවන් වගේ වැඩසටහන් හැර වෙන වැඩසටහන් තිබුනේම නැති තරම්නේ. ඒ අතින් මේ දරුවෝ වාසනාවන්තයි. හරිම ලස්සන නිර්මාණ ටික. දැක්කහම අතීතයට හිත දිව ගියා.
මෙක ලස්සන වැඩක්! මේව ඒ දරුවොත් දැක්කොත් ඉහේ මල් පිපේවි. වයසෙ හැටියට චිත්‍රත් ලියපුවත් හරිම ලස්සනයි. පොඩි එවුන්ගෙ සිතුම් පැතුම් ඉටුවේවා!
@änthräX: ස්තූතියි ඔයාට අගය කිරීමට.. මම කියන්නම් එයාලට...
@RanDil - ඔව් නංගි... ඒකනම් ඇත්ත.. ඒක නිසා අපේ හැකියාවන් මෙටවීමක් වුනා කිව්වොත් නිවැරදියි... මේ පුංචි එව්වො භාර දීල තියෙන්නෙ මටයි, කව කීප දෙනෙකුටයි.. අර තරඟයකට ගිහින් දිනුවෙ... මතකයි නේ...
@මගේ ජීවිතය - ස්තූතියි ඔයාටත් මේ අගය කිරීම සම්බන්ධව... ඔව් එයාලට මම පෙන්වනවා.... අඩු ගානෙ print out එකක්වත්... ඔය හතර දෙනෙක්ම මේ පාර ශිෂ්‍යත්ව විභාගය ලියපු අය... මගේ දූල දෙන්නත් ඔය අතර ඉන්නවා...
සොයුරිය මේ ඇත්තේ මා ඔබේ තවත් නොදුටු අපූරු සිතක්... බොහොම අන්අරඝයි මේ වාගේ වැඩ...
මටනම් ආසාවේ බෑ අර සිත්තම් දැක්කම... ඔබට බොහෝ පින් ලැබෙයි...
අර අවුරුදු 5 වියැති අපූරු වියමනක් ඇඳි දූට කුඩා තෑග්ගක් දෙන්න මම සූදානම්... ඔබ හරහා... අකමැත්තක් නැත්නම් දන්වන්න...
ස්තූතියි තිස්ස අයියා, මම කිව්වනෙ මම ගැන කිසිම අදහසක් එපා කියලා.... :)
අයියගෙ ඒ තෑග්ග ප්රතික්ෂ්ප කරන්න මට කණගාටුවෙන් උනත් සිදු වෙනවා.... මොකද ඒ අවුරුදු 5ක් වියැති දූ මගේ චූටි දූ නිසාවෙන්.... මමම එයාලට අදහසක් දාලා... මමම මෙහෙම සයිට් එකක් හදලා... මගේ දූට තෑග්ගක් ලැබුනම කොහොමට හිටීද අයියා... සමාවෙන්න මට...
අර අසිරිමත් සැදෑව ගැන ලියල තියෙන්නෙ මයෙ ලොකු දූ අයියා... ඔයා මගෙ දූ කියල නොදැන අර කරපු අගය කිරීමම ඇති අයියා මට...
වැඩේ නම් හරිම අගෙයි! චිත්‍ර ටික වගේම අදහස් ටිකත් හරිම ලස්සනයි!
ස්තූතියි ධනික... තව දුරටත් ඒ අදහස් ලස්සන කරල ගන්නයි වෑයම..
ඔයාලගෙ නිර්මාණ ටික ගොඩාක් ලස්සනයි, තව ගොඩාක් නිර්මාණ කරලා අපිටත් බලාගන්න දාන්න හොදද
ස්තූතියි තිළිණ මල්ලී... මම එයාලට කියන්නම්... මාසෙකට සැරයයි රැස්වෙන්නේ... ආයෙත් ඔක්තෝම්බර් පෝය දාට... එදාට තමා මට නිර්මාණ ලැබෙන්නේ... අනිවාර්යයෙන් දානවා... :)
නිර්මාණ සියල්ලම ඉතා අනර්ඝයි. මගේ සුබ පැතුම්.
මේ පිටුවට හැම ළමයෙකුගේම නිර්මාණ යොමු කරන්න පුලුවන් විදියක් සැලැස්වීම ඊළඟ පියවර කියලයි මට නම් හිතෙන්නෙ.
මල් වගේ හැදිලා යහපත් පුරවැසියන් වෙන්න පුංචි තරු කැට වලට උණුසුම් සුභ පැතුම්....
@Priyantha - ස්තූතියි ඔබටත්...
“මේ පිටුවට හැම ළමයෙකුගේම නිර්මාණ යොමු කරන්න පුලුවන් විදියක් සැලැස්වීම ඊළඟ පියවර කියලයි මට නම් හිතෙන්නෙ.“
අනේ මම ඒ තරම් දුරට නම් හිතුවෙ නෑ...
@අභීත - ස්තූතියි මල්ලි.. මම එයාලට පෙන්වන්නම් ඔයාලගෙ දිරිමත් කිරීම්...
හරිම ලස්සන නිර්මාණ ටිකක්.
අපිව, අපේ පොඩි කාලෙට එක්ක ගෙන යනව වගේ දැනෙනව මේ නිර්මාණ දකින කොට.
බොහොම පිං.
අසිරිමත් සැන්දැවට මම ගොඩාක් කැමතියි.
ස්තූතියි ගැමුණු.... අතීත ආවර්ජනාවක් කළාද මං... ආඩම්බරයි එහෙනම් මට :) ...
හයියෝ මම අදයි දැක්කේ.....
ඉතිං මොකද වෙන්නේ බුද්ධි.... නිර්මාණ ගැන වචනයක් දාන්නකො පරක්කු වුනාට කාරි නෑ....
ඔන්න ආයෙත් ආවා,
මමත් ඔය පොඩි උන්ට පුදුම ආදරෙයි!
මගේ බ්ලොග් එකේ ලියන එව දැක්කම ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ!
මට මුලින්ම මේ අද්දැකීම ලැබුනේ 1 වසරෙදි. ඒ අපේ තාත්තා සුරතලා පත්තරේට මම ඈදපු චිත්‍රයක් දාලා ඒක පල වෙච්ච වෙලාවේ.
ඒ වෙලාවේ මට ඈතිවෙච්ච හැගීම වචනෙන් විස්තර කරන්න බෑ. මම ඒ පත්තරේ ඉස්කෝලෙ අපේ බද්‍රා ටීචර්ටත් පෙන්නනුවා. එකෙන් ලැබුන උද්යෝගයෙන් මම දිගමට අදින්නත් ආසා උනා.
...................................
ඔය එෂානි හර්ෂනී දුව ඇදලා තියෙන්නෙ මාලු පීනනවා. එකේ පාසි ගස් වගේම මහ පොලොවෙ තියෙන ගහකුත් තියෙනවා. ඒක එයා දැක්ක විදිහ හරි එයා හිතෙන් මවා ගත්තු විදිහ හරි වෙන්න පුලුවන්. ඒකට අපිට වැරදි කියන්න බෑ.
උදාහරණක් හැටියට අපි පොඩ්ඩෙකුට වෙලිලා ගිය ගහක් පෙන්නලා ඒක අදින්න කිව්වොත් එයා ඒ වේලිච්ච ගහේ කොල දෙක තුනක් උනත් අදියි. ඒ එයාලා අපිට වඩා හොදින් ඒ ගැන අධ්‍යනය කරලා හින්දා නිසා. පොඩි උන් අපිට වඩා විමසිලිමත්නෙ.
“පුතේ ඔයාලගේ නිර්මාණ වලට කවුරුත් තෑගි දෙන එකක් නෑ... ලස්සනයි කියල කවුරුත් කියන එකක් නෑ... අපි ඒ කිසි දෙයක් බලාපොරොත්තු නොවී අපේ හැකියාවන් වර්ධනය කර ගමු“ කියා ඔබ කිව්වත්, ඔයාට පුලුවන්නං පොඩ්ඩො ටික වටකරගෙන ඔය නිර්මාණ ටික අප්ලොඩ් කරලා කම්පියුටරෙන් පෙන්නන්න. පස්සෙ අපි ඒ ගොල්ලං වෙනුවෙන් කියපුවා පෙන්නන්න. ඒක හොද තැග්ගක් වෙයි ඒ ගොල්ලන්ට.
අපි හිතනවටත් වඩා පුංචි පුංචි දේවල් වලින් පොඩි උන්ව අපිට සතුටු කරන්න පුලුවන්.
ඔබගේ උත්සහය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා.
බුද්ධි
http://cyberyaya.blogspot.com/
Post a Comment