Tuesday, September 13, 2011

ස.ණ.ස. ළමා සමාජ සාහිත්‍ය තරඟාවලිය - 2011

ඔන්න අපේ ළමා සමාජයේ දරුවන් මේ වසරෙත් මේ සඳහා යොමු කෙරෙවුවා.. ගිය වසරේ කලාප මට්ටමේ තරඟ වලින් දරුවන් 7 දෙනෙකු ජයග්‍රහණය කළා සේම මෙම වසරේද එම සංඛ්‍යාව එම මට්ටමේම තබා ගැනීමමත් ජයග්‍රහණයක් ලෙස මා දකිනවා..

ගිය වසරේ තරඟ තුනකට එක් දරුවෙකු සහභාගි කරවන්නට හැකියාව තිබූ නිසා මෙම වසරේත් ඒ සඳහා පුහුණු කළෙමු. එහෙත් තරඟ පැවැත්වූ දින එම ශාලාව භාර තැනැත්තිය කියා සිටියේ එක් දරුවෙකුට එක් තරඟයක් සඳහා පමණක් සහභාගී විය හැකි බවයි..

ඉදින් දක්‍ෂකම කෙසේ වෙතත් කැමැතුත අනුව තරඟ සඳහා යොමු කරවන්නට සිදු විය. නමුත් තවත් තරඟ සඳහා යොමු කරවන්නට හැකි වූවානම් අපේ දරුවන් තවත් ජයග්‍රහණ ලබා ගන්නා බව විශ්වාසයි...

එම කලාප මට්ටමෙන් ජයග්‍රහණය ලද දරුවන් හට ත්‍යාග හා සහතික පත් බෙදා දීම ඉකුත්දා බෝපේ ස.ණ.ස. කාර්යයාලයේදී සිදුවිය.


දමිත් මධුරංග පුතා - අවු. 13-14 කාණ්ඩයේ 3 වන ස්ථානය


7 ශ්‍රේණිය
කළුඅග්ගල ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය


ටිලීෂා ඩිල්ෂානි දුව - අවු 6න් පහළ ළමා ගී - 2 වන ස්ථානය


මල්තිකා සඳරුවනි දුව - අවු 11-12 ජන ගායනා - 3 වන ස්ථානය


6 ශ්‍රේණිය
කහහේන බොරළුගොඩ මහා විද්‍යාලය


ටිෂානි සචින්තා ගමලත් දුව - අවු 11-12 ජන ගායනා - 2 වන ස්ථානය


මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය- හෝමාගම
6 ශ්‍රේණිය



දෙන්නම එකම වයස් කාණ්ඩයේ නිසා කලින් පින්තූරය ගත් වෙලාවේ සිට මේ වෙලාව වන තෙක් කලින් පින්තූරයට සැකසිමට වෙලාව ගිය නිසා මාගේ වැඩුමල් දියණියගේ මුහුණවත් පින්තූරයේ නොමැතිය. එහෙත් අසතුටක් නොමැත්තේ මේ සියල්ල වෙනුවෙන් මා කළ මෙහෙය ගැන සතුටු විය හැකි නිසාය.



ඉඳුසර ගයෝධ්‍ය පුතා - අවු 6න් පහළ - චිත්‍ර - 1 වන ස්ථානය








තවත් දියණියන් දෙදෙනෙකු තේරී පත් වුන නමුත් එදා එම උත්සවයට සහභාගි වන්නට නොහැකි විය.

තෙජානි නිසංසලා දුව - අවු 7-8 කාණ්ඩය - ජන ගායනා - 3 වන ස්ථානය

සුපුනි හංසමාලි දුව - අවු 15 -16 කාණ්ඩය - රචනා - 2 වන ස්ථානය
හංවැල්ල රාජසිංහ ජාතික පාසල
10 ශ්‍රේණිය

මේ සියල්ල හරහා හදේ බුර බුරා නැගෙන ප්‍රීතිය මෙසේ බෙදා හරින වගයි...