Wednesday, October 12, 2011

පුංචි ප්‍රදර්ශනේ...

නැටුම් දෙකක් පුරුදු කරවගෙන යනවා.. ආසාවෙ බැහැ.. දවස් තුනයි තාම පුරුදු කළේ.. ලස්සනට කරනවා.. ස්ටේජ් එක උඩට වෙලා නිකම්ම බලාගෙන හිටියත් මට කමක් නෑ... සතුටුයි.. තව සිංදුවකුත් කියන්න පුරුදු කරවනවා.. තනි නැටුම් කීපයකුත් තියෙනවා.. එයාල ඉස්කෝලෙ ඇරිල අපේ ගෙදරට දුවගෙන එන්නේ හරිම ආසාවෙන්..

නැටුම් පුරුදු කරන්නේ ලක්‍ෂිකා ගමලත් දුව.. දවසක් මම නිවාඩු දාල ගියාට හැමදාම එහෙම බැහැනෙ.. ඉතින් ඊයෙ සිංදුව දාගන්න එහෙම උදව්වට රන්දිකා ගමලත් දෝණි උදව් වෙලා..

තෑගි වලටත් අනුග්‍රහ දක්වන්න එක පොත් සාප්පුවක මහත්මයෙක් හා ප්‍රාදේශීය සභා සභාපතිතුමා පොරොන්දු උනා.. සන්තෝෂයි උපරිමේට... කිසිම කරදරයකින් තොරව හැමදේම කරගන්න ලැබේවී කියා සිතනවා..

Sunday, October 9, 2011

බලන්ටකෝ ඉතින් උනන්දුව

ඔන්න ඉතින් ඊයේ සවස එයාලගේ සමිතිය තිබ්බා... වැඩේ කියන්නේ ඊයේ ඒ වෙලාවෙදිම චිත්‍ර 83ක් ලැබුනා මගේ අතට...

බලන්ටකෝ ඉතින් උනන්දුව.. තැග්ගක් නොදී ඉන්ට මට ගොඩාක් ලෝබයි.. ඒත් අපේ සමිතිය ඉතින් මහා ලොකු එකක් නොවන නිසා ඒවා අමාරුයි.. ඒත් උත්සාහ කරන්න ඕනා ධානපතියන්ගේ උදව් ගන්න.. බලමුකෝ...

මම සිංදු දෙක තුනක් ප්‍රින්ට් කරගෙන ගිහින් එයාලට කියලා කියෙව්වා.. නරක නැ.. හොඳට කියනවා..

තව ඉද්රිපත් කිරීමටත් එයාලවම පුරුදු කරන්න ලොකු ආසාවක් තිබ්බා.. ලියාගෙන ගිය පේළි ටික ඒ පුංචි හඬවල් වලින් ඇහෙද්දි හැබෑම ලස්සනයි.. ආසයි.. ආඩම්බරයි...

අද මම ඉක්මනින් ගෙදර යන්වා.. එයාලට අපේ ගෙදරට එන්න කීවා හවස.. හොඳට පුරුදු කරවගන්න ඕනා..

ඉතින් ඉතිරි විස්තර පසුවට..

Saturday, October 8, 2011

අපේ පුංචි පැටවුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්!!!

අපේ පුංචි පැටවුන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා 2011.10.16 වැනිදා.. තව හරියටම සුමානයයි තියෙන්නේ.. ඉතින් එයාල චිත්‍ර අදිනව ඇති දැන්.. එක එක වයස් කාණ්ඩවලින් 1,2,3 ස්ථාන තෝරන්නයි කල්පනාව.. හැමෝටම ඉදිර්පත් වීම සම්බන්ධයෙන් සහතිකයක් දෙන්නයි සූදානම.. තෑගිනම් දෙන්න විදියක් නැ.. ඒත් පුළුවන් කෙනෙක් පරිත්‍යාග කළොත් භාරගන්නවා.. ප්‍රදර්ශනේ විස්තර පස්සේ කියන්නම්..