Monday, September 10, 2012

වයස අවුරුදු 6-7 කාණ්ඩයේ චිත්‍ර....

සීමාරහිත එළමලවල-පැල්පොල ස.ණ.ස ට අනුබද්ධ දිලෙනතරු ළමා සමාජයේ පුංචි පැටවුන් ගේ පුංචි චිත්‍ර ප්‍රදර්ශනයක් පහුගිය වසරේ පැවැත්වුනා.. මේ තියෙන්නේ ඒ පිළිබඳ විස්තර...

ඉතින් මේ වසරේ අපි කල්පනා කළා රචනා තරඟයක් පවත්වන්නට.. ඒත් වයස අවුරුදු 6-7 කාණ්ඩයේ පාසලේ 1-2 වසරවල පුංචි පැටවුන්ට චිත්‍ර තරඟයක්ම පවත්වමුයි යෝජනා උනේ රචනාවක් ලියාගන්න බැරි පැටවුනුත් මේ අතර ඉන්නා නිසා... ඒ වගේම ප්‍රදර්ශනේ ලස්සන වෙන්න රචනා විතරක් තිබිලත් මදිනෙ නේද?

ඔන්න ඉතින් ඊයෙ හවස 2.00 ට අපේ ගමේ පන්සලේදි පොඩි පැටව් කීපදෙනෙකුගේ දස්කම් තමා මේ... මෙයාලා හැමෝම අවුරුදු 6-7 කාණ්ඩයේ පාසලේ 1-2 වසරවල පුංචි පැටවුන්... ඒත් තරඟ කරන්න වෙන්නේ එකම වයස් කාණ්ඩයෙන්.. මේ වසරේ අසාධාරණයක් වෙන දරුවාට ලබන වසරේදී ඒ අසාධාරණය වෙන්නේ නැහැ.. මම ඔයාලා ගෙන් ඉල්ලන්නේ මෙයාලාගෙන් ඔයාලාට හිතෙන විදියට පළමුවෙනියාගේ ඉඳලා නම් කරන්න කියලා.. මෙයාලාගේ නමු පළ කරන්නේ නෑ.. අංකයක් තමා දීලා තියෙන්නේ.. මොකද මගෙ පොඩ්ඩිත් මෙතන ඉන්න නිසා...

අංක 2

අංක 6

අංක 5


අංක 1

අංක 7


අංක 3

පුළුවන් කෙනෙක් වෙතොත් ඇයි එහෙම තේරුවේ.. මේවායෙ ඇති වැරදි... හොඳ දේවල් ආදිය ලියන්න පුළුවන්නම් හොඳයි..

ගොඩක් පින් එහෙනම් ඔන්න...



32 comments:

Unknown said...

පිලිවෙලින් එකේ සිට මට හිතෙන හැටියට.

අංක6 - කහ පාට වැඩි නිසා එක පාර ඇහැ ගියා.
අංක5 - ඒකත් හරිම කලර්ෆුල්.
අංක2 - දෙකක් තියෙනවානෙ එකම නොම්බරෙන් දෙකටම තුන දෙන්න පුලුවන්.
අංක3
අංක7 - පසුතලය පාට කරලා තියෙන විදිහ පොඩ්ඩක් අවුල් වගේ.තව මල් තිබ්බානම් හොදයි.

mage blogaya said...

දෙකේ ඒවා දෙකයි

Thanoja Rajapaksha said...

@ mage blogaya - හැදුවා... ස්තූතියි පෙනනා දුන්නාට... :)

Dhanika Perera said...

ඔක්කොම තෝරන්නනං අමාරුයි වගේ... හොඳම චිත්‍රය කියලා මට හිතුනෙ නම් අංක 5 චිත්‍රය... :)

Thanoja Rajapaksha said...

ස්තූතියි නිසුපා, ධනික... මම සිකුරාදාට විතර පබ්ලිෂ් කරන්නයි හිතාන ඉන්නේ ස්ථාන තෝරපු කමෙන්ට්ස්... කමක් නැහැනෙ නේද?

මාරයාගේ හෝරාව said...

කපාගෙන යං බලන්න..එතකොට ඉතිරි වෙන්නේ නැතෑ...

අංක 3

වර්ණ තේරීම අසාර්ථකයි..පොළව නිලටත් අහස කොළටත් ඇඳ ඇත..නමුත් හැඩතල ගැන යම් තරමක අවබෝධයක් ඇති වග පෙනෙයි... පැන්සල් ඉරි ක්‍රමවත්වත් පාට තැවරීම ඒ තරමට ක්‍රමවත් බව නැති වීමෙනුත් වැඩිහිටියකුගේ ආධාර ලැබී ඇති වගක් හැඟී යයි... මල් පෙති ක්‍රමවත්ව ඇඳ ඒවා පාට කිරීම මෙතරම් දුර්වල විය නොහැකි බව මාගේ මෙව්වා එකට හැගී යයි.. ඒ හින්දා ඒක එපා..

අංක 7

සරලයි ලස්සනයි..පොඩි එකෙක්ගේ වග පේනවා... ලොකු වැඩ නැතත් ඔහේ චිත්තරේ පිරෙන්න පාට කරලා තියෙනවා..ඒත් වර්ණ තෝරා ගැනීම අසාර්ථකයි.. ළමයා තව ටිකක් ලෝකය බලන්න නිදහසේ තැබිය යුතුයි.. ඒකත් කපා හැරියා...

අංක 6

එතරම්ම කැපී පෙනෙන අන්දමක නැතත් මෙහි පැන්සලට වඩා වර්ණවලින්ම චිත්‍රය පිරවීමේ ගතිය අනාගතයේදී චිත්‍රශිල්පයෙහි යම් දුරක් යා හැකි බව පෙන්නුම් කරනවා... ළමයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි හොඳ චිත්‍රයක්...

අංක 2

චිත්‍රයකට වඩා ජ්‍යාමිතික හැඩතල ගැන අවධානය යොමු කොට ඇති වල පෙනෙන්නට ඇත. වර්ණ භාවිතය හොඳයි..පැන්සල හැසිරවීම තරමක් ගොර හැඩියි... ඒත් හැකියාවක් තියෙන වග පේනවා... යම් තරමකින් සැලකීමක් දැක්විය හැකියි...


අංක 1

සරලයි..සිත් ගන්නා සුළුයි..චිත්‍ර සියල්ලම බැලු කල හොඳ පිළිවෙලක් ඇති චිත්‍රයක්.. නමුත් වර්ණ තෝරා ගැනීම ක්‍රමවත් නැත...චිත්‍රයේ ස්වාභාවික ගතිය අඩුයි...පරිසරය නිකං අච්චුවේ ගැහුවා වගේ... (මේකට එක දෙන්න මමනම් කැමති නැහැ..හැබැයි මේකට එක නොදුන්නොත් මේ චිත්‍රය අයිති ළමයගේ අම්මලා තාත්තලා වලියටනං එයි කියලා මට හිතෙනවා.. ඒ හින්දා අවසන් තීන්දුව ගැන කල්පනා කරද්දී දෙපාරක් හිතන්න වෙනවා...මේක ලංකාවනේ..:D)


අංක 5
වර්ණවත්.. පැහැදිලි දර්ශනයක්..සජීවී ගතියක් ලබා දෙන්නට උත්සහ කොට තිබෙනවා... මල් ගස් ආදියෙහි ඒකාකාරී ගතිය ඇතත්.. (කහපාට ඉරනං ටිකක් විතර අර ඇන්ග්‍රි බර්ඩ් එකේ කහ කුරුල්ලා වගේ..) සෑහෙන තරමින් අඩුපාඩු අවම චිත්‍රය හැටියට මෙය තේරීමට මම කැමතියි..

priyantha said...

චිත්‍ර අඳින්න මාතෘකාවක් දුන්නාද.
නැතිනම් කැමති මාතෘකාවක්ද?
කැමති මාතෘකාවක් නම් මම තෝරන්නේ මේ ආකාරයට
පළවෙනි ස්ථානය
අංක 05 චිත්‍රය
හේතුව ඉර වළාකුළු අතර. ඒ අපිට පේන විධිය. අනික් කරුණ වර්ණ සංයෝජනය. ස්වභාවික හා නිදහස් නිර්මාණයක්.

දෙවෙනි ස්ථානය.
අංක 07.
හේතුව. නිදහස් නිර්මාණයක් වීම. තමන්ට කැමති ආකාරයේ වර්ණ සංයෝජනය.

අනෙක් සියලු චිත්‍ර ඒකාකාරියි. ඒවා කොපි කියන්නත් පුළුවන්. එයට හේතුව ඔය කඳු දෙකක් මැදින් පේන ඉර අපිට පුංචි කාලේ අපේ අම්මලා ගෙදරදී අන්දලා පුරුදු කරපු එක. මෙහි ඇත්තේ එයම නැවත ඇඳීමක් මිස ස්ව නිර්මාණ නෙවෙයි. අපේ මල්වත්ත වගේ මාතෘකාවකට ඇන්දානම් මගේ තේරීම වලංගු නොවේ.

Thanoja Rajapaksha said...

ස්තූතියි මාරයාගේ හෝරාව...

ඒ වගේම ප්‍රියන්ත මලේ... මාතෘකාව මල්වත්ත..

තිස්ස දොඩන්ගොඩ said...

1-6-5-2-3-7

Thanoja Rajapaksha said...

ස්තූතියි තිස්ස අයියා...

DiMal said...

1-6
2-5
3-3
4-7
5-1
6-2

Thanoja Rajapaksha said...

ස්තූතියි දිමුතු

priyantha said...

මෙතන චිත්‍ර අඳන දූලා පුතාලා වෙනුවෙන් පොඩි අදහස් ටිකක් එකතු කරන්නම්.
මෙහි මම දැක්ක ගොඩක් චිත්‍ර වල ඇත්තේ ඉරයි කන්දයි. ඉරට ඇස් දෙකක් නහයක් කටක් අඳිනවා.
මේවා මම ගොඩක් ළමයින්ගෙන් දැකලා තියනවා. ඒත් එහෙම වෙන්න ඕනි නෑ. චිත්‍රයක් කියන්නේ නිදහස් නිර්මාණයක්. ඒක තමන්ට කැමති විධියට අඳින්න පුළුවන්.
01 අඳින කොළය හෝ කැන්වසය පුරාම පැතිරී යන පරිදි චිත්‍රය අඳින්න. (සමහර චිත්‍රවල පහල ගොඩක් දේ ඇතත් උඩ අහස විතරයි. එසේ නැතිව පිටුව පුරා පැතිරී යන්න අඳින්න)
02 තමන් කැමති විධියට අඳින්න. කවුරුත් කරන දේ කරන්න එපා. තමාට හිතෙන විධියට අඳින්න.
03 හොඳින් පාට තවරන්න. පාට ඉවරවෙයි යන බියෙන් වගේ පාට තවරන්න එපා. හිස් තැන් තියන්න එපා.
04 වරදින පැන්සල් ඉරත් මකනවාට වඩා එය චිත්‍රයේ කොටසක් කරන්න බලන්න.
05 චිත්‍ර අඳන විට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේක නිදහසේ කරන්න ඕනි දෙයක්.

තනෝජා අක්කේ
මේක මල්වත්තක් උනත් මා තෝරපු ක්‍රමය තමා මම මේකට දෙන්නේ.

Anonymous said...

හොඳම අංක 3
දෙවැනි අංක 6
තුන්වැනි අංක 7

මරුවා

Thanoja Rajapaksha said...

ස්තූතියි මරුවා

රවා said...

අක්කෙ ඹයාගෙ අතින් දාලා හරි ඹක්කටම පළවැනි ස්ථානය දෙන්න.

Thanoja Rajapaksha said...

මම දන්නවා රවා උඹ අකමැතියි කියලා තරඟ කරවන්න පොඩි පැටවුන්ව... ඒත් අපිට උඩුගම් බලා පීනන්න පුළුවන්ද? වැල යන අතට මැස්ස නොගැහුවොත් වැලට පැවැත්මක් නැති වෙනවනෙ...

Buddhi said...

චිත්‍ර තරගයට මාතෘකාවක් දුන්න ද?

අපි නම් කරන්නෙ මෙහෙමයි.

පොඩි අයගේ චිත්‍ර තරගයක් තියද්දි අලුත් ම මාතෘකාවක් දෙන්න ඕනේ. අලුතින් හිතලා අඳින්න පුලුවන් විදිහෙ. නැතිනම් "මල් වත්ත" වගේ මාතෘකාවක් දෙනවා නම් මල්වත්තකට ගෙනිහිල්ලා පෙන්වන්න ඕනේ. අපි කියමු වෙලිලා ගිය ගහක් පෙන්නලා අඳින්න කිව්වා කියලා. ඒ ළමයා අඳියි ගහේ කොහේ හරි තවමත් ඉතිරිවෙලා තියෙන කොලේකුත්. ඒ වගේ විස්තර හිත හිත අඳින්න පුලුවන් නම් ඒ ගොල්ලන්ගේ ඔලුවලට හොඳයි.

එහෙමත් නැතිනම් කැමති මාතෘකාවකින් අඳින්න කියන්න. ඒක සිත්තර තෝරද්දි ප්‍රස්ණයක් වෙන්නෙ නෑ. සිත්තර තෝරන්නෙ මාතෘකාව අනුව නෙමේ නිසා.

අනිත් කාරණය සිත්තර ජයග්‍රහාකයින් පොඩි වුන් නිසා 1,2,3, කියලා කෙලින්ම නොකියනවා නම් හොඳයි. ඒත් මේවයේ වෙනස පෙන්වන්න විශිෂ්ඨ සම්මාන, සම්මාන මා කුසලතා කියලා වෙන් කරන එක හොඳයි කියලා තමා මම දන්නෙ.

ජයග්‍රාහකයෝ තොරන එකට මට වඩා සුදුසු කෙනෙක් ඉන්නවා. අද හවස පෙන්වලා මම තීරණය සඳහන් කරන්නම්.

Thanoja Rajapaksha said...

හරි බුද්ධි මලේ... එයාගෙ තීරණයයි.. ඔයාගෙ තීරණයයි දෙකම දාන්න පුළුවන්නම්..

RanDil said...

හයියෝ අපිට හිතෙන දේවල් නෙමෙයි මෙවායේ රීති........ ඉතිං කොහොමද තෝරන්නේ? බලමු තව ටිකක් හොඳට බලලා. කවදාට කලින්ද ඕනෑ අක්කේ?

Thanoja Rajapaksha said...

රන්දිල් මම සිකුරාදා ගනන් බලනවා කියලා හිතාන ඉන්නේ... ඊට කලින් එවන්න නංගෝ...

Unknown said...

හරිම අපූරු චිත්‍ර පෙළක්, මේ චිත්‍ර වලින් කියවෙන්නෙ එයාලාගෙ හිතන විදිහ.... මං පොඩිකාලෙ වගේ එක ළමයෙක්වත් එතන ඉඳලා නෑ.. කියන එක විතරක්!! පැහැදිළියි

අලුත් කොල්ලා | The New Guy said...

චිත්‍ර ටික නම් ලස්සනයි. මාඅනුෂිය හේතු මත ස්ථාන නොතෝරමි......

අංක 2 චිත්‍රය ඇඳපු බබා පස්සෙ කාලෙක ලස්සනට අඳියි කියලා විතරක් කියන්නං....

Thanoja Rajapaksha said...

ආ ඇයි ඔයා පොඩිකාලේ චිතු අදිනනෙ වෙන විදියකටද? :)

RanDil said...

5
2
1
6
3
7

Thanoja Rajapaksha said...

@ අළුත් කොල්ලා, රන්දිල් ස්තූතියි

මට සිකුරාදා වෙනකම් ඉන්න බැරිඋනා අනේ.. ඉතින් ඔන්න අදම පබ්ලිෂ් කළා කමෙන්ට්ස් ටික... :)

Buddhi said...

හෝව්! තාම වෙලාව සිකුරාදා රෑ 9.12. ඒ හංදා මේ ප්‍රථිපලයත් වලංගු වෙන්ඩ ඕනේ හොඳද!
.........................

ළමා මනසින් පරිසරයේ විවිධත්වය දැක සිතුවමට නඟා ඇති ආකාරය, වර්ණ හා තලය සමබරව භාවිතා කර ඇති ආකාරය අනුවයි මේ සිතුවම් තෝරලා තියෙන්නෙ. ඊට අමතරව මේ සියලුම සිතුවම් එක හා සමාන විචිත්‍රත්වයකින් යුතුයි. ඊට අමතරව කියන්න ඕන ස්ථාන නොකියා ඇගයීමක් විදිහට මුලින් කිව්ව විදිහට කිව්වොත් හැමෝටම සතුටු හිතන්න දෙයක් ඉතුරු වෙයි.

මෙන්න ප්‍රථිපලය

1- ස්ථානය -1 චිත්‍රය
2- ස්ථානය - 3 චිත්‍රය
3- ස්ථානය - 6 චිත්‍රය
4- ස්ථානය - 2 චිත්‍රය
5- ස්ථානය - 4 චිත්‍රය
6- ස්ථානය - 5 චිත්‍රය

මේ ප්‍රථිපල වලින් ළමයි දිරිමත් වීමකුයි වෙන්න ඕන. ඔන්න කිව්වා. වගකීම අක්කණ්ඩි සතුයි.

මීට චුටි මහත්තයා සමඟ එයාගේ අම්මා.

Thanoja Rajapaksha said...

අනේ මහත්තයෝ ගොඩාක් පින් ඕන ප්‍රථිඵලේ දැම්මා.. ඒත් මට පොඩි ප්‍රරස්නයක්...

අපි මේ දරුවන්ට අංක දුන්නා.. 4 වන අංකය ලැබුන දරුවා එදා ඇවිත් හිටියේ නෑ.. ඉතින් අංක 4 චිත්‍රයක් නෑ... ඔයා මේ චිත්‍ර තියෙන පිළිවෙලටද තේරුවේ මල්ලි..

අනේ සමාවෙන්න ආයෙ වද දෙනවට...

Buddhi said...

ඔව්. මම දැක්කෙ නෑ පෝස්ට් එකේ චිත්‍ර නම් කරලා තියෙනවා.

ඒ අනුව මම විත්‍රෙ උඩ කිලික් කරලා ඒ එන පිලිවෙනලයි ස්ථාන දාලා තියෙන්නෙ. ඒ කියන්නෙ පළමු බ්ලොග් එකේ පලමු චිත්‍රය පළමු ස්ථානය. 4 වෙනි ස්ථානය ගන්නෙ බ්ලොග් එකේ දෙවෙනියට තියෙන කහපාට සිත්තරේ. තේරුනා නේද?

සිදුවූ ප්‍රමාදය ගැන බලවත් කණගාටුව!

Thanoja Rajapaksha said...

හරි බුද්ධි මලේ..

Thanoja Rajapaksha said...

1st choice - 2
2nd choice - 5
3rd - 1
4th - 7
5th - 6
6th - 3


වර්ණ සංයෝජනය - මට දැනෙන විදියට

Prabhath D Dehigaspitiyage

Sep 10 (7 days ago)

to me

Thanoja Rajapaksha said...

චිත්‍ර අංක 1 -
පළමු ස්ථාන 1
දෙවන ස්ථාන 0
තුන්වන ස්ථාන 3
හතරවන ස්ථාන 1
පස්වන ස්ථාන 2
හයවන ස්ථාන 0
තිදෙනෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

චිත්‍ර අංක 2 -
පළමු ස්ථාන 3
දෙවන ස්ථාන 0
තුන්වන ස්ථාන 1
හතරවන ස්ථාන 2
පස්වන ස්ථාන 0
හයවන ස්ථාන 1
තිදෙනෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

මේ අංක 1 හා 2 නිවුන් අක්කා හා මල්ලීයි.. දෙවන පන්තියේ.. දෙන්නා එකටම පුරුදු වීම නිසා චිත්‍ර චෙක බොහෝ දුරට සමානයි..

චිත්‍ර අංක 3 -
පළමු ස්ථාන 1
දෙවන ස්ථාන 0
තුන්වන ස්ථාන 2
හතරවන ස්ථාන 0
පස්වන ස්ථාන 3
හයවන ස්ථාන 2
දෙදෙනෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

මේත් 2 පන්තියේ දරුවෙක්.. මාරයා මල්ලි කිව් විදියට මේ වෙලාවේ දෙමාපිය බලපැමක් තිබුනෙ නෑ.. අපි බලා ඉද්දිමයි ඇන්දේ.. හැබැයි මාතෘකා තුනක් කලින් මාසේ තමා දුන්නේ.. ඉතින් අම්ම තාත්ත මේ විදියට අදින්න කියලා පුරුදු කරන්න ඇති..


චිත්‍ර අංක 5 -
පළමු ස්ථාන 4
දෙවන ස්ථාන 4
තුන්වන ස්ථාන 1
හතරවන ස්ථාන 0
පස්වන ස්ථාන 0
හයවන ස්ථාන 0
එක් අයෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

අනේ ඉතින් මේත් 2 පන්තියේ දැරියක්.. අපේ ගෙදරමයි ඉන්නේ.. වැඩිය ඕන නෑ මයෙ පොඩි එකී.. ඒත් මාරය මලය කීවත් නොකීවත් පළවෙනි තැන මට දෙන්න බෑ... (සමහරවිට මම නිසා මුන් දෙන්නට වෙන අසාධාරණේ ගැන දුකයි වෙලාවකට.. )


චිත්‍ර අංක 6 -
පළමු ස්ථාන 2
දෙවන ස්ථාන 2
තුන්වන ස්ථාන 0
හතරවන ස්ථාන 3
පස්වන ස්ථාන 1
හයවන ස්ථාන 0
දෙදෙනෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

මේ පොඩ්ඩා නම් 1 පන්තියේ..

චිත්‍ර අංක 7 -
පළමු ස්ථාන 0
දෙවන ස්ථාන 1
තුන්වන ස‍්ථාන 1
හතරවන ස්ථාන 2
පස්වන ස්ථාන 1
හයවන ස්ථාන 3
දෙදෙනෙක් ස්ථාන තේරුවේ නැහැ මේ චිත්‍රය

මෙයත් 1 පන්තියේ.. මෙයානම් මාතෘකාව දැනගත්තේ එවෙලෙමයි...


අනේ මන්දා අප්පා....